Tuesday, June 23, 2009

බුදුදහමද බුද්ධාගමද?

වර්තමානයේ උපදින දරුවෙකුගේ ආගම තීරණය වන්නේ කෙසේද යන්න අප ඔබෙන් විමසුවොත් ඔබ වැඩිදෙනෙකුගේ පිළිතුර වන්නේ උපදින දරුවාගේ දෙමව්පියන්ගේ ආගම මත බවයි. ඇත්ත වශයෙන්ම එය බෙහෝදුරට සත්‍යය කියමනකි. දරුවගේ දෙමව්පියන් බෞද්ධ නම් එම දරුවා බෞද්ධයෙකුවන අතර ඉස්ලාම් දෙමාපියන්ගේ සහ ක්‍රිස්තියානි දෙමව්පියව්ගේ දරුවෝ ඒ ඒ ආගම්වල වෙත්. පසු නාලීනව විවිධ හේතු සහ බලපෑම් මත සිංහල බෞද්ධ දරුවෝ සමහරක් තම මව්පියන්ගෙන් දායාද ලෙස ලැබූ ආගම වෙනස් කරති.

මා අද සාකච්ඡා කරන්න යන්නේ මේ ප්‍රවනතාවය නොවේ. මාතෘකාවට ප්‍රවේශයක් ලෙස මේ සටහන යොදාගනිමි. බෞද්ධ අපි බොහෝ දෙනෙකු‍ගේ උප්පැන්න සහතිකයේ ආගම ලෙස දැක්වෙන්නේ කුමක්ද? බෞද්ධ ලෙසද? නැත්නම් බුද්ධාගම ලෙසද? ළදරු පාසල් අවධියේ සිට රැකියාවක් කරන කාළය දක්වාම අපි අපගේ ආගම ලෙස විවිධ පෝරම, ජීව දත්ත පත්‍රවල පුරවන්නේ කුමක්ද? ආගම = බුද්ධාගම. කිසිවෙකු අපෙන් විමසුවොත් ඔබේ ආගම කුමක්ද කියා ඔබගේ පිළිතුර වන්නේ බුද්ධාගම නොවේද?

සැබවින්ම බුද්ධාගම ආගමක්ද? රජයේ පෙළපොත් වල මුද්‍රණය කර ඇති ආකාරය නිසා එසේ ආගමක් තිබේ යයි ඕනෑම කෙනෙකුට තර්ක කළ හැකිය. ආගමකින් සිදුවන්නේ මිනිසුන් යහමගට ගෙන සුචරිතවාදීන් කිරීමයි. එසේ මිනිසුන් යහමගට ගැනීමට විවිධ ආගම් වල විවිධ යාන්ත්‍රන තිබේ. සමූහ ලෙස පල්ලි වලට යාමල නිරාහාරව සිටීම මගින් වතාවත් කිරීම වැනි දෑ තුලින් විවිධ ආගම් කම අදහන්නවුන් ආගමට ඇද බැද තබාගනී.

නමුත් බුද්ධාගම වනාහී මා සිතන ආකාරයට ආගමක් නොවේ. එය දර්ශණයකි. කිසිවෙකුටත් බුදුදහම තුළ නීති රීති නැත. අනිවාර්යය පිළිපැදීම් නැත. පෝයකට හෝ පන්සල් යායුතුය නොයායුතුය කියා නියමයන් නැත. කැමතිනම් බෞද්ධ දර්ශනය තේරුම්ගෙන පිළිපැදිය හැක. කාගේවත් බළපෑමක් නැත. බුදුන්වහන්සේ ප්‍රකාශකලේ “ඒහි පස්සිකෝ” (එව බලව) යනුවෙන් පමණි. අන්ධ විශ්වාසයෙන් ආගමක් අදහනවාට වඩා අවබෝධයෙන් යහපත් දර්ශනයක් හැදෑරීමෙන් මිනිසා හික්මවාගත හැකිය.

බුද්ධාගම යන වචනය බුද්ධ + ආගම සන්ධිවීමෙන් තැනුනකි. මගේ මතය බුදුදහම ආගමක් නොව දර්ශනයක් බවයි. Buddha’s way is path to freedom. “බුද්ධාගම ඇදහු පමනින් හා උප්පැන්න සහතිකයේ තිබූ පමණින් මිනිසුන් හට නිවනට යා නොහැකිය. බුදුන්වහන්සේගේ ධර්මය එසේත් නැතිනම් මාර්ගය (බුදුමග , බුද්ධ + ධර්මය) අවබෝධයෙන් පිළිපැදීමෙන් නිවන ලගාකරගත හැකිය. බුද්ධාගම යන වදන බෞද්ධ පාරිභාශිතයෙන් ඉවත් කළයුතු කාළය එළඹ ඇත. ඒ සදහා වඩාත් නිවැරදි බෞද්ධ දර්ශනය / බුදුදහම යන වචන යයි මගේ පෞද්ගලික හැගීමයි.

බුද්ධිමතුන‍්ගේ දහම වූ බුදුදහම බුද්ධියෙන් ඉගනීමට කාළයයි මේ.

Sunday, June 14, 2009

ධර්ම චක්‍රය ගැන තවදුරටත්...

මේ බ්ලොග් අඩවිය ආරම්භ වුනෙත් ධර්ම චක්‍රය කියන මාතෘකාව ඔස්සේම තමයි. නමුත් ඒක ගැන එතරම් දුරට සාකච්ඡා වුනේ නෑ. ගොඩක් දෙනෙක් ඒ සටහන කියවල හොද ආරමභයක් කියල මාව දිරිමත් කලා. ඒ හැමටම හුගක් පිං. ඒක මේ බ්ලොග් අඩවියේ අනාගතයට ගොඩක් හොදවෙයි කියල මම විස්වාස කරනවා.

පහුගිය කාලෙ මම මේ සම්බන්ධයෙන් තියන වෙබ් අඩවි පොත පත ගැන හොයා බැලුවා. අවාසනාවකට වගේ මේ සම්බන්ධයෙන් තියන අන්තර්ජාල සටහන් හරිම විරලයි. තියන සටහන් හුගක් ඒවායෙ පැහැදිලි විස්තර නැතුවා වගේම ඒවායෙ බුදුදහමට විරුද්ධ අදහස් නැතුවාමත් නොවෙයි. බුදුදහම ගැන අනන්ත දේවල් තිබ්බත් මා කියවු එක ලිපියක (අනතර්ජාලයේ) සදහන් වුනේ “බුදුදහම සහ සමලිංගිකත්වය” කියන මාතෘකාවයි. බෞද්ධ දර්ශණය මුළ ඉදන් ඉගෙන ගන්න කෙනෙකුට හොද වෙබ් අඩවි‍යක් නැතුවා වගේම මෙවැනි අදහස් එහෙම කෙනෙකුට හානිකර බවයි මගේ හැගීම.

මගේ මිත්‍ර‍යෙක් වන අචින්ත කිව්වා මේ ගැන විස්තරයක් ඉස්සර ධර්මවිජය වෙබ් අඩවියෙ තිබ්බා කියල. නමුත් දැන් ඒ කිසි දෙයක් ඒ වෙබ් අඩවියෙ නෑ. කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරු‍වන්ගෙ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන මහමෙව්නා වෙබ් අඩවියෙ ඇත්තෙත් මේ කියන (ගරාදි 24 කින් යුතු) චක්‍රයක් සහිත ධර්ම චක්‍රයයි.

මේ සම්බන්ධියෙන් කරුණු සොයන කොට මා මිත්‍ර තිවංක තවත් විද්යු‍ත් ලිපියක් එවල තිබ්බා බුදුදහමේ විවිධ කොටස් ගැන. ඒකෙ ධර්මචක්‍රය ගැන තිබ්බ සටහනක් තමයි මේ දැක්වෙන්නෙ. අපි පෙර සදහන් කරනු ලැබූ ධර්ම චක්‍ර දෙකම මෙහි අඩංගු වෙනවා. ඒ වගේම එවායේ විවිධ අර්ථ නිරූපනයනුත් එහි අඩංගුයි.
නමුත් එහි ඇති ගරාදි 24 කින් යුතු ධර්මචක්‍රයේ ගරාදි (Spoke) එලියට නෙරාවිත් තියන්වා. එයින් පෙනෙන්නෙ එම ධර්මචක්‍රයත් 100% නිවැරදි නොවෙන බවයි. නමුත් එම සටහනෙන් නිවැරදි ධර්මචක්‍රය පිළිබදව බෙහෝ දේ දැනගත හැකියි. මේ සටහන තියන්න උදව් කරපු හැමෝටම පිං.

Monday, June 1, 2009

ඒහි පස්සිකෝ.....

බුදුදහම ගැන අපේ කතිකාවත පසුගිය කාලෙ අප අතර සැරිසැරෑ විද්‍යුත් ලිපියකින්ම ආරම්භ කරමු.


මේ ලිපියේ තියන දේවල් වලට මම පුද්ගලිකව එකග වෙනවා. ඒ හැමදෙයක්ම තර්කානුකූලයි. නමුත් අපි හැමදාම දැනගෙන හිටපු ධර්ම චක්‍රයේත් විවිධ අර්ථ දැක්වීම් තියන‍වා.

විවිධ පඩිවරයන්ගෙ අදහස්වල‍‍ට අනුව ධර්ම චක්‍රයේ ගරාදි 8න් පැවසෙන්නෙ ආර්ය අශ්ඨාංගික මාර්ගයයි. තවත් අය අටලෝ දහම කියලත් කියනවා.

http://www.freewebs.com/universal_buddhism/buddhistsymbols.htm

වෙබ් අඩවියට අනුව තවත් මත ඔබට විමර්ශණය කල හැකියි.

කොහොමත් ඉන්දියාව, තායිලන්තය, නේපාලය වගේ තවත් බෞද්ධ රටවල් බොහොමයක් භාවිතා කරන්නෙ මේ අශෝක අධිරාජ්‍යා භාවිතා කල චක්‍රයයි.

නමුත් විකිපිඩියා එකේ සදහන් වෙන්නෙ පරණ ධර්ම චක්‍රයම තමයි.

http://en.wikipedia.org/wiki/Dharmacakra

පහත සදහන් යොමුවෙන් තවත් විස්තර ඔබට විමර්ශණය කල හැකියි. ඔබගේ වටිනා අදහස් මතින් බුද්ධිමත් මෙන්ම වැදගත් කතිකාවතකට මුළපුරන්න අපිට හැකිවෙයිග