Wednesday, March 31, 2010

ඒ කොන් ගේ සරාගී බැල්ල නැරඹීමි


වර්තමාන ලංකාවේ වඩාත් උද්ගතවී ඇති ප්‍රශ්ණය ඒකොන්ගේ ලංකාගමණය සහ ආන්ඩුවෙන් ඔහුට විසා ලබා නොදීම යයි මම සිතමි. පසුගිය සතියේ පත්තර, ප්‍රවෘත්ති සහ බ්ලොග්වල පට්ටගැසූ මේ සිදුවීම සම්බන්ධයෙන් මමද යමක් එකතුකල යුතුයයි සිතුවෙමි.

යූ ටියුබ් හරහා මමත් ඒ කොන්ගේ සෙක්සි බිච් නොහොත් සරාගී බැල්ල දැක්කෙමි. ( දැක්කා යයි පැවසුවේ වුවමනාවෙන් අසා ගතයුතු හරයක් නැතැයි සිතුන බැවිනි). මගේ ඉංග්‍රිසි දැනුම මද නිසාදෝ එක්වරම ගීතයේ වචන ටික හෝ අර්ථය එකවරම මට ග්‍රහනය කරගත නොහැකි විය. පසුව අන්තර්ජාලයෙන් ගීතයේ ගේය පද ලබාගතිමි.

එහි ඇත්තේ හරසුන් වචන තොගයක් මිස ගත යුතු හෝ වින්දනය කීරීමට දෙයක් ඇතිදැයි මම නොසිතමි. එම පදවල බුදු දහමේ හෝ කිතුනු දහමට අදාල කිසිවක් අඩංගු නොවිනි. (මට තේරෙන විදිහට)
නමුත් වීඩියෝව ගත්කල එහි වර්තමාන සිංහල මියුසික් වීඩියෝවක හැඩය අඩංගුය. එනම් ගීතයේ වචන වලට සම්බන්ධ දසුන් එහි නැත. බුදුපිළිමයක් ඉදිරියේ නටන අඩ නිරුවත් ගැහැනුන් පිරිසක් බුදුන්ට පිටුපාගත් මිසදෙටුවෙක් හැරුණු කොට ගීතයට අදාලපසුබිමක් එතුලින් විද්‍යාමාන නොවේ.
නූතන ශ්‍රිලාංකික මියුසික් වීඩියෝවක කෙරුවාවද මීට දෙවෙනි නොවේ(හැම එකම නොවේ). කුමක් හෝ වචන ටිකක් මැද්දට වේගයෙන් කියවිය හැකි රැප් දමා වීඩියෝවට අඩනිරුවතින් රගන ගැහැනුන්, නග්න දෙපා ආදිය යොදා (වර්තමානයේ නාන ඇදුමින් සැරසුනු ගැහැනුන්ද සිටිති) වීඩියෝවත් තනනු ලැබේ. වෙනසකට ඇත්තේ තවමත් ඔවුන් බුදුපිළිමයක් හෝ ජේසු තුමා තම වීඩියෝවට යොදා නොගැනීමයි.
අපේ සිරි ලංකාව බටහිර කරණය වී ඇත. වර්තමාන පරපුර ගමන් කරන්නේද ඒ කොන්ගේ සරාගී බැල්ලිය ගමන් කල අඩිපාරේය. ඒකොන් නිවැරදියයි මම කිසිවිටක නොකියමි. ඒකොන්ට වීසා නොදීම සිදුවුයේ බුදුදහමට අපහාස කලා යයි යන පදනම මත සිට නම්, ඒ තීරණයට සමගාමීව ඊටත් වඩා දරුණු ලෙස ආගම වනසන රටක (බුදුපිලිම කඩා නිධන් හාරන, අන්‍යාගමීකරණය සිදුවෙන, වැනි) එවැනි පුද්ගලයින් ගැන වඩා නිවැරදි තීරණයක් ගත යුතුය.
නැත්නම් ඒකොන් පිළිබද තිරණය පුස්සක් වනු ඇත.