Friday, November 20, 2009

Buddhist Phone - ආගම විකුණා මුදල් සෙවීම

මේ මට ආපු විද්‍යුත් ලිපියක්. ඒ ලිපිය කොපි කරල මම ඒ විදිහටම දානවා. මේ බුදුන්වහන්සේගෙ ධර්මය විකුණන ආකාරයන්. හැබැයි හදන්නෙ කොහෙද නිර්මාපකය කවුද කියල සදහන් වුනේ නෑ. මේවාට අපි ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?












Tuesday, November 10, 2009

අනුරාධපුරයේ රාත්‍රියක්

පසුගිය දවසක හදිස්සියේම අනුරාධපුරය නරඹන්න චාරිකාවක් ගියා. ටික දවසකින් ගියෙ නැති හන්ද ගමන ගැන ප්‍රබෝධයක් හැමෝගෙම හිතේ තිබ්බා. නිතරම යන්නෙ දහවල් කාලෙම හන්ද මේ ගමන රෑට ඇවිදින්න තීරනය කරගෙනයි හිටියෙ. උදේ වරුවෙ මිහින්තලේ ගිය අපි එහි ඇති නැවුම් අසිරිය විද ගත්තා. ඉස්සර වගේ නෙමෙයි දැන් මිහින්තලේ. ඇත්ත‍ටම ලස්සනයි. ගිණි රස්නෙ වෙලාවෙ වුනත් අරලිය ගස් හන්දහොද සිසිලසක් තිබ්බා. ලේන්නු දඩුලේන්නු ගොඩක් නිදහසේ හැසිරෙමින් හිටියා. මේ දැහැන බිදින්න රිලව් විශාල ප්‍රමාණයක් හිටියා. මම මිහින්තලේ දැක්ක සුවිශේෂම දෙය තමයි කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව හිතට දැනෙන්න ලියල තිබ්බ පුවරුව. ඔබත් කියවල බලන්න

































ඊට පස්සෙ හවස නිස්කලංක වෙලාවක ශ්‍රී මහා බෝධියයි රුවන්වැලි සෑයයි බලන්න ගියා. අපේ ගමන තිබ්බෙ සතියෙ දවස් වල හන්දා ගොඩක් සෙනග හිටියෙ නෑ. හිතේ හැටියට ශ්‍රී මහා බෝධිය වැද පුදා ගත්තා. රුවන්වැලි මහා සෑය විදුලි ආලෝකය මධ්‍යයේ කොච්චර ලස්සනද? ජේතවන විහාරයත් ඒ වගේම ලස්සනයි. මම වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් නොවන නිසා මට පුළුවන් හොදීන් ඡාය‍රූප කීපයක් ගත්තා. පේතවන විහාරයේ මට ඊමේල් එකකින් හම්බවෙච්ච ඡායාරූප ටිකක් මේ සමග ඇති. බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙන්න සිත් පහන් වෙන්න ඔබත් රාත්‍රියකදී අනුරාධපුරයේ කරුණා කරන්න.



Wednesday, November 4, 2009

වස් විසීම සහ කඨින චීවර පුජාව

වප් පොහොය ගෙවී ගියා. මේ පොහොයේ ඇති වැදගත් කමක්වෙන්නෙ භික්ෂුන්වහන්සේගේ වස් පවාරණය මෙම පොහොය දිනට ප්‍රථමයෙන් සිදුකල යුතුවීමයි. ඒ සමගම තවත් කතා බහට ලක්වෙන දෙයක් තමයි කඨින චීවරය. මේවා ගැන බුදුසරණ පත්තරයෙ පල වෙච්ච ලිපියක් මම ඉදිරිපත් කරනවා. මේ ලිපිය ලියල තියෙන්නෙ දඩපලගමුව, දුනුමඩලාගල විහාරයේ මොරගොල්ලේ නන්දරතන හාමුදුරුවො. මෙන්න ඒ වටිනා කියන ලිපිය.

නාගිතාපදානය දෙස විමසා බලන විට කඨිනයේ අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත හිමියන් පෙර ආත්මයක දී කඨිනයක් පූජා කර, එම ශ්‍රේෂ්ඨ කුසලය අර්හත් මාර්ග ඤාණයට උපනිශ්‍රය වේවා, යි ප්‍ර‍්‍රාර්ථනා කර ඇත. එතැන් පටන් සතර අපායේ නොඉපිද, දෙව් ලොව සහ මිනිස් ලොව ඉපිද දිව්‍ය මනුෂ්‍ය සම්පත් අත් විඳ ඒහි භික්‍ෂු භාවයෙන් සිවු පිළිසිඹියා පත් මහ රහත් බව ට නාගිත හිමියෝ පැමිණියහ.

අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් මහාවග්ග පාලියේ දැක්වෙන දේශනා පාඨය තුළින් භාග්‍යවතුන් වහන්සේ විසින් උපසපන් භික්‍ෂූන් වහන්සේට වස් සමාදන් වීම අනුදැන වදාළහ.

මහණනි, වස්සාන කාලයෙහි වස් විසීමට අවසර දෙමි. මහණනි, පෙර වස් එළඹීම පසු වස් එළඹීම යැයි වස් එළඹීම් දෙකකි. ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹිය යුතුය. නිකිණි අව පෑළවිය දිනයෙහි පසු වස් එළඹිය යුතුය.

තථාගතයන් වහන්සේගේ අවසරයෙන් පසු සෑම වසරකම ඇසළ අව පෑළවියදා වස් එළඹීම භික්‍ෂූන් වහන්සේගේ චාරිත්‍රය විය. රෝගාබාධයක් හෝ උපද්‍රවයක් හේතුවෙන් එම දිනය මග හැරී ගිය හොත් නිකිණි අව පෑළවියදා වස් විසීමට අවසර තිබේ. පසු වස් විසූ භික්‍ෂුවකට කඨිනයක් ලෙස චීවරයක් භාර ගැනීමට අවසර නැත. පෙර වස් සමාදන්ව මහා පවාරණයෙන් වස් පවාරණය කළ භික්ෂුවකට කඨිනය පිළිගැනීමේ අවසරය තිබේ.

ශාසනය ආරක්ෂා වීමටත්, ගුණ ධර්ම වර්ධනයටත් භික්‍ෂූන් වහන්සේ හා ගිහියා අතර මනා අවබෝධයක් සම්බන්ධතාවයක් තිබිය යුතුය.

මෙම අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගොඩනැගෙන කාලය වස්සාන සමය බව ගිහියා විසින් භික්‍ෂූන් වහන්සේට වස් එළඹෙන ලෙස දැහැත් ගොටුවක් දී කරන සැදැහැවත් ආරාධනය තුළින් මනාව පැහැදිලි වෙයි.

සැදැහැති ගිහියාගේ ආරාධනය පිළිගන්නා භික්‍ෂූන් වහන්සේට දායක පින්වතුන් විසින් සිව් පසයෙන් සිය යුතුකම් හා වගකීම් ඉටු කරනු ලැබේ. භික්‍ෂූන් වහන්සේ විසින් ද මේ කාලයේ විශේෂයෙන් ගිහි පින්වතුන්ගේ උභය ලෝකාර්ථය පිණිස අවවාද අනුශාසනා කරනු ලැබේ.

භික්‍ෂූන් වහන්සේ ද දහම් මෙනෙහි කරමින්, පිළිවෙත් ප්‍රගුණ කරමින් විනයානුකූලව භික්‍ෂු ජීවිතය පවත්වාගනිමින්, විමුක්තිය සඳහා කුසල් දහම්හි නිරත වෙති. මෙයින් හොඳින් පැහැදිලි වන දෙය නම්, ගිහි පැවිදි දෙපක්ෂයම එක්ව පින් සිදු කර ගැනීමට කුසල් දහම්හි වැඩියෙන්ම නිරත වන කාලය වස්සාන කාලය බවයි. දෙලෝ සුව කැමැති සැදැහැවත් බෞද්ධයෝ මේ මහා පින්කමට වැඩි උනන්දුවක් දක්වති. මෙලෙස ඇරැඹෙන වස්සාන කාලය ගෙවී ගොස් උදා වන පොහෝ දිනය ‘වප් පෝය’ ලෙස ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

මෙලෙස වස් සාර මාසයේ අන්තිම මාසය, ‘කඨින චීවර මාසය’ ලෙස ව්‍යවහාර කරනු ලැබේ. විනය පරිවාර පාලියේ ඒ ගැන මෙසේ දැක්වෙයි

කඨිනස්ස අන්තාර මාංසා ජානිතබ්බොති,
වස්සානස්ස පච්ඡිමො මාසො ජානිතබ්බො’.

වස්සාන සෘතුවේ අවසාන මාසය චීවර මාසය ලෙස දැන ගත යුතුයැයි එහි සඳහන් වෙයි.

වස් එළඹ මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේට පූජා කරන චීවරය, කඨින චීවරය ලෙස සැලකෙයි. භික්ෂූන් වහන්සේගේ පරිෂ්කාර වන දෙපට සිවුර, තනිපට සිවුර අඳනය යන මින් එකක් කඨින වශයෙන් පිදිය හැකිය. වසරකට එක් වරක් එක් තැනකදී එකක් පමණක් පූජා කළ හැකි පරිෂ්කාරය ද කඨින චීවරයයි.

විශේෂිත නමකින් හඳුන්වන මෙම චීවර පූජාව, බල සම්පන්න උතුම් ගරු කුසල කර්මයක් බව, මෙම ගාථාව තුළින් පැහැදිලි වෙයි.

පඨවිරිව න ජාතු කම්පංත
න චලති මෙරු රිවාති වායුනා
වජිර මීව හිජ්ජතෙ ඝනං
තමිධමතො කඨිනසන්ති මුච්චති

මහ පොළොව මෙන් කිසි විට කම්පා නොවන මහා මේරු පර්වතය මෙන් නොසෙල්වෙන, එක් ඝන වජ්ජ පර්වතය මෙන් නොබිඳෙන ඵල ඇති මහා පුණ්‍ය කර්මයකි.

යමෙකු අතින් පස් පව් දස අකුසල් සිදු වේද එම ඇතැම් අකුසල්වල බලය මැඩලන ශක්තියක්-බලයක් ඔහු විසින් සිදු කරන කඨින පූජාව තුළ තිබෙන බව කඨිනය යන වචනය විග්‍රහ කර බලන කල්හි පැහැදිලි වෙයි. නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි, තද , සෘජු කුසලය ‘කඨිනය’ බව දේශනාවේ අන්තර්ගත වෙයි. කඨින කුසල කර්මය තුළින් වැළැක්වීමට නොහැකි අකුසල කර්ම වන්නේ, පංච ආනන්තර්ය අකුසල කර්ම පමණකි.

මෙම ආකාරයට කඨින ගැන විස්තර වුවද යමෙකුට කඨිනයක් ලෙස ඉහත දැක්වූ අයුරු සිවුරක් පූජා කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණොත් කඨිනයක් සඟ සතු කර පූජා කරන අවස්ථාවක ඒ සමග යමක් පූජා කළ විට ඔහුට ද කඨිනයක් පූජා කළ පිනම ලැබෙන බව බණ පොතේ සඳහන් වෙයි.

සාකේත නුවර වස් එළඹ මහා පාවාරණයෙන් පවාරණය කර බුදුරදුන් දකිනු කැමැතිව, සැවැත් නුවර දෙව්රම් වෙහෙරට තිස් නමක් පමණ භික්‍ෂූන් වහන්සේ වැඩම කරද්දී අතරමඟදී වැස්සට තෙමුණු නිසා දියෙන් තෙත් වූ සිවුරු වලින් යුතුව බුදුරදුන් වෙත පැමිණියහ. භික්‍ෂූන්ට සිදුවූ එම කරදරය ගැන සලකා භික්‍ෂූන්ට කඨිනය ඇතිරීමට අනුදැන වදාළහ.

අනුජානාමි භික්ඛවේ වස්සං වුතරානං භික්ඛුනං කඨිනං අත්තරිතුං’ එතැන් සිට භික්‍ෂූන් වහන්සේට කඨිනය පරිභෝග කිරීමට අවස්ථාව උදාවිය.

මේ මහා පුණ්‍ය කර්මයේ ප්‍රතිඵල ගිහි පැවිදි දෙපක්ෂයටම ලැබෙන බව ධර්මයෙහි විස්තර සහිතව දක්වා තිබේ.