Saturday, April 10, 2010
බුදු දඑම ගැන තවත් දැනගනිමු
1. සෝම හාමුදුරුවන්ගෙ ධර්ම දේශණා අඩංගු වෙබ් අඩවියක් තමයි මේ යොමුවෙන් දැක්වෙන්නෙ. මේ වෙබ් අඩවිය වික්ටෝරියා විහාරයෙන් පාලනය වෙන්නක්.
2. ඔබ සොයන්නේ පිරිත් ද? එසේ නම් මේ අඩවියට ගොඩ වෙන්නග පිරිත් වලට වඩා තවත් දේ මෙතන ඇති.
3. ධර්මය එෆ්.එම් සේවාවක් ලෙස මෙම යොමුවෙන් ලබාගත හැකියි. ප්‍රමුඛ දේශකයන් වහන්සේලාගේ දම් ගග මෙයින් ලබා ගත හැකියි.
Wednesday, March 31, 2010
ඒ කොන් ගේ සරාගී බැල්ල නැරඹීමි
වර්තමාන ලංකාවේ වඩාත් උද්ගතවී ඇති ප්‍රශ්ණය ඒකොන්ගේ ලංකාගමණය සහ ආන්ඩුවෙන් ඔහුට විසා ලබා නොදීම යයි මම සිතමි. පසුගිය සතියේ පත්තර, ප්‍රවෘත්ති සහ බ්ලොග්වල පට්ටගැසූ මේ සිදුවීම සම්බන්ධයෙන් මමද යමක් එකතුකල යුතුයයි සිතුවෙමි.
යූ ටියුබ් හරහා මමත් ඒ කොන්ගේ සෙක්සි බිච් නොහොත් සරාගී බැල්ල දැක්කෙමි. ( දැක්කා යයි පැවසුවේ වුවමනාවෙන් අසා ගතයුතු හරයක් නැතැයි සිතුන බැවිනි). මගේ ඉංග්‍රිසි දැනුම මද නිසාදෝ එක්වරම ගීතයේ වචන ටික හෝ අර්ථය එකවරම මට ග්‍රහනය කරගත නොහැකි විය. පසුව අන්තර්ජාලයෙන් ගීතයේ ගේය පද ලබාගතිමි.
එහි ඇත්තේ හරසුන් වචන තොගයක් මිස ගත යුතු හෝ වින්දනය කීරීමට දෙයක් ඇතිදැයි මම නොසිතමි. එම පදවල බුදු දහමේ හෝ කිතුනු දහමට අදාල කිසිවක් අඩංගු නොවිනි. (මට තේරෙන විදිහට)
නමුත් වීඩියෝව ගත්කල එහි වර්තමාන සිංහල මියුසික් වීඩියෝවක හැඩය අඩංගුය. එනම් ගීතයේ වචන වලට සම්බන්ධ දසුන් එහි නැත. බුදුපිළිමයක් ඉදිරියේ නටන අඩ නිරුවත් ගැහැනුන් පිරිසක් බුදුන්ට පිටුපාගත් මිසදෙටුවෙක් හැරුණු කොට ගීතයට අදාලපසුබිමක් එතුලින් විද්‍යාමාන නොවේ.
නූතන ශ්‍රිලාංකික මියුසික් වීඩියෝවක කෙරුවාවද මීට දෙවෙනි නොවේ(හැම එකම නොවේ). කුමක් හෝ වචන ටිකක් මැද්දට වේගයෙන් කියවිය හැකි රැප් දමා වීඩියෝවට අඩනිරුවතින් රගන ගැහැනුන්, නග්න දෙපා ආදිය යොදා (වර්තමානයේ නාන ඇදුමින් සැරසුනු ගැහැනුන්ද සිටිති) වීඩියෝවත් තනනු ලැබේ. වෙනසකට ඇත්තේ තවමත් ඔවුන් බුදුපිළිමයක් හෝ ජේසු තුමා තම වීඩියෝවට යොදා නොගැනීමයි.
අපේ සිරි ලංකාව බටහිර කරණය වී ඇත. වර්තමාන පරපුර ගමන් කරන්නේද ඒ කොන්ගේ සරාගී බැල්ලිය ගමන් කල අඩිපාරේය. ඒකොන් නිවැරදියයි මම කිසිවිටක නොකියමි. ඒකොන්ට වීසා නොදීම සිදුවුයේ බුදුදහමට අපහාස කලා යයි යන පදනම මත සිට නම්, ඒ තීරණයට සමගාමීව ඊටත් වඩා දරුණු ලෙස ආගම වනසන රටක (බුදුපිලිම කඩා නිධන් හාරන, අන්‍යාගමීකරණය සිදුවෙන, වැනි) එවැනි පුද්ගලයින් ගැන වඩා නිවැරදි තීරණයක් ගත යුතුය.
නැත්නම් ඒකොන් පිළිබද තිරණය පුස්සක් වනු ඇත.
Sunday, February 14, 2010
ද බුඩිස්ට් නාලිකාව
ශ්‍රී ලංකාවේ සිටින බෞද්ධයන් හට ඉතාම අනගි සේවාවක් සලසන රූපවාහිනි නාලිකාවකි ද බුඩිස්ට්. කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ සිට විකාශය කරන මෙය ලංකාවේ සැටලයිට් රූපවාහිනි නාලිකාවකින් නැරඹිය හැකි එකම බෞද්ධ නාලිකාවද වෙයි. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ අදහසක් අනුව මුහුන්තන් කනගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවුන මෙම නාලිකාව ඩයලොග් ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
ඊට අමතරව http://www.thebuddhist.tv යන වෙබ් අඩවිය ඔස්සේද නාලිකාවේ විස්තර සහ සජීවි වැඩසටහන් මෙන්ම බණ, පිරිත්,ධර්ම සාකච්ඡා ආදිය නැරඹිය හැකිය.
Friday, February 5, 2010
Sunday, January 10, 2010
මඩකඩ අරණ්‍යය සේනාසනය
මේ දවස් වල හම්බවෙච්ච විවේකය වැදගත් විදිහට යොදවා ගන්න අවස්ථාවක් පහුගිය දවසක මට උදාවුනා. ඒක හන්ද කොළඹින් ටිකක් දුරට වෙන්න ඒත් බස්නාහිර පලාතෙම තියන මඩකඩ අරණ්‍යය සේනාසනයට හිත නිවෙන චාරිකාවක් යොදාගත්තා. කොළඹින් කිලෝමීටර් 50ක් විතර ඈතින් පිහිටල තියන මඩකඩ ආරණ්‍යය හුගදෙනෙක් දන්නෙ නාච්චිමලේ නමින්. නම අහපු ගමන් තරුණ අය නම් දන්නවා ඇති. මොකද ගොඩක් තරුණ පිරිස් එක් දින විනොද චාරිකා යන්න එහෙම යොදාගන්න තැනක් නිසා.
කොළඹ ඉංගිරිය පාරෙන් හැරිල ටිකක් විතර දුෂ්කර පාරක කිලෝමීටර් දෙක හමාරක් විතර ගියහම තමයි මේ ආරණ්‍යය හම්බ වෙන්නෙ. හුගක් නිස්කලංක පෙදෙසක පිහිටල තියන හන්ද භාවනා කටයුතු උදෙසාත් මේ ආරණ්‍යය වෙන් කරල තියනවා. වක් ඔයට වැටෙන සුන්දර දොළ පහරක් යන එන හැම සිත් සමාධිගත කරනවා. දොළ පහරෙන්, කුරුල්ලන්ගෙන් ඇතිවන ශබ්දය ඇරුනහම වෙන සද්ද එනවානම් ඉතින් යන එන අය කරන සද්ද තමයි. ඒ දුෂ්කර මාර්ගයේ වාහනයකින් යන්න පුළුවන් ටික ඉවර වුනහම පයින් ගමන් කරන්නත් කොටසක් තියනවා. මේ කොටස මීටර් පන්සීයක් විතර ඇති. ස්වභාව සෞන්දර්යයයෙන් අනූන වන පෙදෙසක් මැදීන් ගමන් කරන්න තියන හන්ද කිසිම මහන්සියක් නැතුව ඒ දුර තරණය කරන්න පුළුවන්.
ආරණ්‍යයට ඇතුල් වෙන තැන ඉදන් උපදෙස් සහිත (ආරණ්‍ය තුල හැසිරිය යුතු ආකාරය සහ ජීවිතයට බුදු දහමෙන් ලබාගත හැකි) වාක්‍යය ඇතුලත් පුවරු එහි ප්‍රදර්ශනය කරල තියෙන්න විශේෂයෙන් එහි එන තරුණ පිරිස් ඉලක්ක කරගෙනයි.
නිහඩ නිසංසල පරිසරය ඇතුලෙ සිමෙන්තියෙන් කළ නිර්මාණ ඔක්කොම ස්වාභාවිකත්වය රැකෙන පරිදි කරල තිබුනා. අලංකාර බුදුකුටියක්, බෝධි වෘක්ෂයක් ඇටසැකිල්ලක් සහිත කුටියක් චෛත්‍යය රාජයෙක් භාවනා කුටි සක්මන් මළුව ආදියෙන් මඩකඩ අරණ්‍යය සමන්විතයි.
අරණ්‍යය ඇතුලෙ දැක්ක තවත් දෙයක් තමයි තරුණ භික්ෂුන් සහ තරුණ ගිහි උපාසක පිරිස්. සුදු සරම් සහ සුදු කමිස ඇදගත් මේ පිරිස කසා වත් ඇදි හාමුදුරුවන් වහන්සේ තරම් ප්‍රසන්නයි. ජීවිතයේ අනිත්‍යය බව මෙනෙහි කරන්න ඒවාගේ නිස්කලංක තැනක් තවත් නැතුව ඇති. අරණ්‍යය ඇතුලේ දහම් පාසලක්. අපි යන දවසේ ඒ පොඩි ඇත්තතො සිල් සමාදන් වෙලා.
නිවාඩු දවසක් හන්ද තරමක පිරිසක් එකතුවෙලා හිටියා. කලිනුත් කිව්ව වගේ තරුණ පිරිස් බොහෝයි. පරිසරයේ නිහඩ තාවය බින්ද ඔවුන් මතෙහි ගැලෙමින් ගී කියමින් විනොද වුනා. කිසියම් දෙයක සීමාවක් තිබිය යුතුයි. නමුත් ඒ සීමා ඉක්මවා යමින් ඔවුන් හිස් බෝතල් ගල්පර වල ගසා කුඩුකර තිබ්බා. සීතල දියපහරේ සුන්දරත්වය විනාශ වෙලා ගිහින් තිබ්බා.
Monday, December 14, 2009
සෝම සද බැසගොස් සය වස් ගෙවී ගියා.....
මේවන විට සෝම හිමියන් පිළිබද වෙබ් අඩවියක් නිර්මානය වී තිබෙනවා. මෙහි සෝම හිමියන්ගේ ජීවිත කතාව, පින්තූර, උන් වහන්සේගේ බණ, අපවත්වීම පිළිබද අප නොදත් දේ අඩංගුයි. පහත සබැදියෙන් එම අඩවියට පිවිසෙන්න.වෙබ් අඩවිය ගැන තොරතුරු ලබා දුන් ශර්ධාට පිං.
http://somathera.shutterfly.com/
Friday, December 11, 2009
මේ සිරිපා කරුණා කරන සමයයි
එළඹුනු උදුවප් පොහෝ දිනයෙන් සිරිපා කරුණාව ආරම්භ විය. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීමේ චාරිත්‍රානුකූල පෙරහර නොවැමබර් 30 වැනිදා පැවැත්විනි. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබු සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කරවීම මෙහිදී සිදුකෙරිනි.
අනිත් හැම වරකදීම මෙවරද සිරිපා කරුණා කරන්නන් මත්පැන් දුම්වැටි සහ පොලිතීන් භාවිතය අත්හැරීමට කාරුණික වන්න.