Showing posts with label බුදුදහම සහ තාක්ෂණය. Show all posts
Showing posts with label බුදුදහම සහ තාක්ෂණය. Show all posts

Saturday, April 10, 2010

බුදු දඑම ගැන තවත් දැනගනිමු

ඉස්සර අපේ ආච්චිලගෙ කාලෙ බුද්ධාගම ගැන දැන ගන්නවනම් පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි, පන්සලේ හරි ගෙදර හරි තියන බණ පොතක් හරි එහෙමත් නැත්තම් බුදුසරණ පත්තරෙන් හරි තමයි දැනගන්න වෙන්නෙ. හැබැයි ඒ ඉස්සර. දැන් තාක්ෂණය හරිම දියුණුයි.බුදු දහම ගැන විතරක් නෙමෙයි ඕනැම තොරතුරක් හොයාගන්න දැන් අන්තර්ජාලය තියනවා. මේ අන්තර්ජාලයෙ තියන වැදගත් යොමු කිහිපයක් තමයි මම අද ඉදිරිපත්කරන්නෙ.

1. සෝම හාමුදුරුවන්ගෙ ධර්ම දේශණා අඩංගු වෙබ් අඩවියක් තමයි මේ යොමුවෙන් දැක්වෙන්නෙ. මේ වෙබ් අඩවිය වික්ටෝරියා විහාරයෙන් පාලනය වෙන්නක්.

2. ඔබ සොයන්නේ පිරිත් ද? එසේ නම් මේ අඩවියට ‍ගොඩ වෙන්නග පිරිත් වලට වඩා තවත් දේ මෙතන ඇති.

3. ධර්මය එෆ්.එම් සේවාවක් ලෙස මෙම යොමුවෙන් ලබාගත හැකියි. ප්‍රමුඛ දේශකයන් වහන්සේලාගේ දම් ගග මෙයින් ලබා ගත හැකියි.

Sunday, February 14, 2010

ද බුඩිස්ට් නාලිකාව


ශ්‍රී ලංකාවේ සිටින බෞද්ධයන් හට ඉතාම අනගි සේවාවක් සලසන රූපවාහිනි නාලිකාවකි ද බුඩිස්ට්. කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ සිට විකාශය කරන මෙය ලංකාවේ සැටලයිට් රූපවාහිනි නාලිකාවකින් නැරඹිය හැකි එකම බෞද්ධ නාලිකාවද වෙයි. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ අදහසක් අනුව මුහුන්තන් කනගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවුන මෙම නාලිකාව ඩයලොග් ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

ඊට අමතරව http://www.thebuddhist.tv යන වෙබ් අඩවිය ඔස්සේද නාලිකාවේ විස්තර සහ සජීවි වැඩසටහන් මෙන්ම බණ, පිරිත්,ධර්ම සාකච්ඡා ආදිය නැරඹිය හැකිය.