Sunday, June 14, 2009

ධර්ම චක්‍රය ගැන තවදුරටත්...

මේ බ්ලොග් අඩවිය ආරම්භ වුනෙත් ධර්ම චක්‍රය කියන මාතෘකාව ඔස්සේම තමයි. නමුත් ඒක ගැන එතරම් දුරට සාකච්ඡා වුනේ නෑ. ගොඩක් දෙනෙක් ඒ සටහන කියවල හොද ආරමභයක් කියල මාව දිරිමත් කලා. ඒ හැමටම හුගක් පිං. ඒක මේ බ්ලොග් අඩවියේ අනාගතයට ගොඩක් හොදවෙයි කියල මම විස්වාස කරනවා.

පහුගිය කාලෙ මම මේ සම්බන්ධයෙන් තියන වෙබ් අඩවි පොත පත ගැන හොයා බැලුවා. අවාසනාවකට වගේ මේ සම්බන්ධයෙන් තියන අන්තර්ජාල සටහන් හරිම විරලයි. තියන සටහන් හුගක් ඒවායෙ පැහැදිලි විස්තර නැතුවා වගේම ඒවායෙ බුදුදහමට විරුද්ධ අදහස් නැතුවාමත් නොවෙයි. බුදුදහම ගැන අනන්ත දේවල් තිබ්බත් මා කියවු එක ලිපියක (අනතර්ජාලයේ) සදහන් වුනේ “බුදුදහම සහ සමලිංගිකත්වය” කියන මාතෘකාවයි. බෞද්ධ දර්ශණය මුළ ඉදන් ඉගෙන ගන්න කෙනෙකුට හොද වෙබ් අඩවි‍යක් නැතුවා වගේම මෙවැනි අදහස් එහෙම කෙනෙකුට හානිකර බවයි මගේ හැගීම.

මගේ මිත්‍ර‍යෙක් වන අචින්ත කිව්වා මේ ගැන විස්තරයක් ඉස්සර ධර්මවිජය වෙබ් අඩවියෙ තිබ්බා කියල. නමුත් දැන් ඒ කිසි දෙයක් ඒ වෙබ් අඩවියෙ නෑ. කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරු‍වන්ගෙ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන මහමෙව්නා වෙබ් අඩවියෙ ඇත්තෙත් මේ කියන (ගරාදි 24 කින් යුතු) චක්‍රයක් සහිත ධර්ම චක්‍රයයි.

මේ සම්බන්ධියෙන් කරුණු සොයන කොට මා මිත්‍ර තිවංක තවත් විද්යු‍ත් ලිපියක් එවල තිබ්බා බුදුදහමේ විවිධ කොටස් ගැන. ඒකෙ ධර්මචක්‍රය ගැන තිබ්බ සටහනක් තමයි මේ දැක්වෙන්නෙ. අපි පෙර සදහන් කරනු ලැබූ ධර්ම චක්‍ර දෙකම මෙහි අඩංගු වෙනවා. ඒ වගේම එවායේ විවිධ අර්ථ නිරූපනයනුත් එහි අඩංගුයි.
නමුත් එහි ඇති ගරාදි 24 කින් යුතු ධර්මචක්‍රයේ ගරාදි (Spoke) එලියට නෙරාවිත් තියන්වා. එයින් පෙනෙන්නෙ එම ධර්මචක්‍රයත් 100% නිවැරදි නොවෙන බවයි. නමුත් එම සටහනෙන් නිවැරදි ධර්මචක්‍රය පිළිබදව බෙහෝ දේ දැනගත හැකියි. මේ සටහන තියන්න උදව් කරපු හැමෝටම පිං.

4 comments:

  1. Nice blog malli.. I remembered u sent us mail too with regarding that topic.

    ReplyDelete
  2. I'm interesting in Budhdhism Very much. In my family background also different religions. But my mother is Budhdhist lady. But I never thought that Buddhism is not this much interesting. I found some websites to study about it. Achira is Correct. I couldn't find a good web for it. Great work Achira. Thankx for starting a blog like this.

    ReplyDelete
  3. The Dhamma Chakra in above pic is 100% correct...
    "Chakraya" means a weapon which used to kill large no of people in ancient wars...In Dhamma that chakra is used to indicate by means of killing "Klesha".
    Keles namathi sathuran sinda binda damana bawin
    Pitathata nera giya dathi sahitha chakraya ithama niwaradi.

    Rerukane Chandawimala Thero- Bodhi Poojawa Book

    ReplyDelete
  4. මේ ධර්මචක්‍රයේ ව්‍යාධිදුක්ඛය මගහැරී තිබෙනවා. ඒ පිළිබඳ අදහස කුමක් ද?

    ReplyDelete