Tuesday, June 23, 2009

බුදුදහමද බුද්ධාගමද?

වර්තමානයේ උපදින දරුවෙකුගේ ආගම තීරණය වන්නේ කෙසේද යන්න අප ඔබෙන් විමසුවොත් ඔබ වැඩිදෙනෙකුගේ පිළිතුර වන්නේ උපදින දරුවාගේ දෙමව්පියන්ගේ ආගම මත බවයි. ඇත්ත වශයෙන්ම එය බෙහෝදුරට සත්‍යය කියමනකි. දරුවගේ දෙමව්පියන් බෞද්ධ නම් එම දරුවා බෞද්ධයෙකුවන අතර ඉස්ලාම් දෙමාපියන්ගේ සහ ක්‍රිස්තියානි දෙමව්පියව්ගේ දරුවෝ ඒ ඒ ආගම්වල වෙත්. පසු නාලීනව විවිධ හේතු සහ බලපෑම් මත සිංහල බෞද්ධ දරුවෝ සමහරක් තම මව්පියන්ගෙන් දායාද ලෙස ලැබූ ආගම වෙනස් කරති.

මා අද සාකච්ඡා කරන්න යන්නේ මේ ප්‍රවනතාවය නොවේ. මාතෘකාවට ප්‍රවේශයක් ලෙස මේ සටහන යොදාගනිමි. බෞද්ධ අපි බොහෝ දෙනෙකු‍ගේ උප්පැන්න සහතිකයේ ආගම ලෙස දැක්වෙන්නේ කුමක්ද? බෞද්ධ ලෙසද? නැත්නම් බුද්ධාගම ලෙසද? ළදරු පාසල් අවධියේ සිට රැකියාවක් කරන කාළය දක්වාම අපි අපගේ ආගම ලෙස විවිධ පෝරම, ජීව දත්ත පත්‍රවල පුරවන්නේ කුමක්ද? ආගම = බුද්ධාගම. කිසිවෙකු අපෙන් විමසුවොත් ඔබේ ආගම කුමක්ද කියා ඔබගේ පිළිතුර වන්නේ බුද්ධාගම නොවේද?

සැබවින්ම බුද්ධාගම ආගමක්ද? රජයේ පෙළපොත් වල මුද්‍රණය කර ඇති ආකාරය නිසා එසේ ආගමක් තිබේ යයි ඕනෑම කෙනෙකුට තර්ක කළ හැකිය. ආගමකින් සිදුවන්නේ මිනිසුන් යහමගට ගෙන සුචරිතවාදීන් කිරීමයි. එසේ මිනිසුන් යහමගට ගැනීමට විවිධ ආගම් වල විවිධ යාන්ත්‍රන තිබේ. සමූහ ලෙස පල්ලි වලට යාමල නිරාහාරව සිටීම මගින් වතාවත් කිරීම වැනි දෑ තුලින් විවිධ ආගම් කම අදහන්නවුන් ආගමට ඇද බැද තබාගනී.

නමුත් බුද්ධාගම වනාහී මා සිතන ආකාරයට ආගමක් නොවේ. එය දර්ශණයකි. කිසිවෙකුටත් බුදුදහම තුළ නීති රීති නැත. අනිවාර්යය පිළිපැදීම් නැත. පෝයකට හෝ පන්සල් යායුතුය නොයායුතුය කියා නියමයන් නැත. කැමතිනම් බෞද්ධ දර්ශනය තේරුම්ගෙන පිළිපැදිය හැක. කාගේවත් බළපෑමක් නැත. බුදුන්වහන්සේ ප්‍රකාශකලේ “ඒහි පස්සිකෝ” (එව බලව) යනුවෙන් පමණි. අන්ධ විශ්වාසයෙන් ආගමක් අදහනවාට වඩා අවබෝධයෙන් යහපත් දර්ශනයක් හැදෑරීමෙන් මිනිසා හික්මවාගත හැකිය.

බුද්ධාගම යන වචනය බුද්ධ + ආගම සන්ධිවීමෙන් තැනුනකි. මගේ මතය බුදුදහම ආගමක් නොව දර්ශනයක් බවයි. Buddha’s way is path to freedom. “බුද්ධාගම ඇදහු පමනින් හා උප්පැන්න සහතිකයේ තිබූ පමණින් මිනිසුන් හට නිවනට යා නොහැකිය. බුදුන්වහන්සේගේ ධර්මය එසේත් නැතිනම් මාර්ගය (බුදුමග , බුද්ධ + ධර්මය) අවබෝධයෙන් පිළිපැදීමෙන් නිවන ලගාකරගත හැකිය. බුද්ධාගම යන වදන බෞද්ධ පාරිභාශිතයෙන් ඉවත් කළයුතු කාළය එළඹ ඇත. ඒ සදහා වඩාත් නිවැරදි බෞද්ධ දර්ශනය / බුදුදහම යන වචන යයි මගේ පෞද්ගලික හැගීමයි.

බුද්ධිමතුන‍්ගේ දහම වූ බුදුදහම බුද්ධියෙන් ඉගනීමට කාළයයි මේ.

1 comment:

  1. Very Nice article Achira. Actually in every time we talk about "Budhdhagama" Not "Bauddha Darshanaya". Need to think in Deep. Nice article and very good work. Hope every one think in this way. Thankx for the posting this kind of Articles.

    ReplyDelete